ජංගම දැනුවත් කිරීමේ වැඩසටහන
කටුනායක පොලිස්, ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ, නිල වාර්තාවන්ට අනුව , හා SUML ආයතනයේ WAVE , App හරහා ලැබුණු වාර්තාවන්ට අනුව, මෙම ප්රදේශය තුළ සංක්රමණි සේවකයන් හට, සමාජ භාවය පදනම්ව සිදුවන හිංසන හා වෙනස් කොට දැක්වීම් වැඩි වර්ධනය වී ඇති අතර, එමෙන්ම එම සේවකයන්ගේ දරුවන් මුහුණ දෙන ගැටලුවල වර්ධනයක් දක්නට ලැබේ. එම නිසා, එයට පිළියමක් ලෙස ,අප, කටුනායක නිදහස් වෙළඳ කලාපයේ,වැඩිපුර නේවාසිකාගාර පිහිටා ඇති , කොටසෙහි ,දොරින් දොරට යමින්, බොඩින් හිමියන් හා ශ්රමිකයන් දැනුවත් කරන වැඩපිළිවෙලක් සිදුකර ලදී. එහිදී මෙහි ප්රධාන පාර්ශව කරුවන් වන, කටුනායක පොලිස් ස්ථානයේ, කාන්ත හා ළමා කටයුතු කාර්යාංශයේ, ස්ථානාධිපති තුමිය සහ,තවත් නිලධාරිනියක් ද ,එම වැඩසටහන සඳහා සම්බන්ධ කරගන්නා ලදී. කාන්තාවන්ට තම ගැටලු පිළිබඳ යුක්තිය සොයා යෑමේදී , පොලිස් ස්ථානයේදී, සිදුවන ගැටලුහේතුවෙන් , ඔවුන් පොලිස්ථානයට යෑමට මැලිකමක් දක්වන අතර, එම ගැටලුවට යම් පිළියමක් ලෙස ,මෙහිදී ශ්රමිකයන්ට හා බෝඩිං හිමියන්ට, පොලිස් ස්ථානාධිපතිතුමිය හඳුන්වාදීමත් , ඔවුන්ට ඒ හරහා යම් උත්තේජනයක් ලබාදීමත් මෙහිදී සිදු කෙරිණි.
එමෙන්ම WAVE App පිළිබඳ හඳුන්වා දීමත්, මේ වන විට අප විසින් සිදු කරන අනෙකුත් කැම්පේන් පිළිබඳ සේවකයන් දැනුවත් කිරීමත්, ඒ සමග සිදු කරනලදී.
Mobile Awareness Program
Recent Posts
සේවක අයිතීන් ගැන ඇඟ හිරිවැටෙන චිත්‍රපටියක්
ජංගම දැනුවත් කිරීමේ වැඩසටහන
ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය
+0123 (456) 7899
contact@example.com






